Wednesday, 7 December 2016

ජාතික ආරක්ෂාව, පා.ම. විමල් විරවංශ හා රියර් අද්මිරාල් ට්‍රෙවිස් සින්නයියා Rear Admiral Trevis Sinniah- A Master and a Commander

රස්සාවට කරන්නෙත් ආරක්ෂාව ගැන බලන එක උනාට 'ජාතික ආරක්ෂාව' ගැන නම් ඒ හැටි හොයන්න මේ දවස්වල විවේකයක් නෑ.. ඒත් ඒ ගැන තියෙන උනන්දුව ගැන දන්නා නිසා මොකක් හරි විශේෂ දෙයක් සිදුවෙනකොට කොහෙන් හරි පොඩි දැනුම්දීමක් තවමත් වෙනවා.. අදත් ආවනේ එහෙම කෝල් එකක්.. අද පාර්ලිමේන්තුවේදී ආරක්ෂක, සංවර්ධන උපායමාර්ගික සහ ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යාංශයන්හි වැය ශිර්ෂ පිළිබද විවාදයේදී විමල් වීරවංශ මහතා කළ කතාව  අහන්නය කියල.. වීරවංශ මන්ත්‍රීවරයා කොහොමත් කතාවට දක්ෂ නිසා ඔහුගේ කතා අහන්න කම්මැලි නම් නෑ. ඒත් දැන් දැන් ඒ කතා අහන්න කියල කෝල් එන්නේ.. අර ඉංග්‍රීසියෙන් කියන්නේ for the wrong reason කියල.. අන්න එහෙම. ඒ කතාවේ මුල් බාගයේ අවසන් හරියේ තමයි ඔය ජාතික ආරක්ෂාව පාට් එක තියෙන්නේ.. එකෙත් ගොඩක්ම පුරුදු මැක්කා ස්ටෝරිය.. ඔය අතරතුර ජාතික ආරක්ෂාවට අදාළ ජෙෂ්ට නිලධාරීන් තුන් දෙනෙක් ගැන කියවෙනවා.. එක් අයෙක් යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානි විදියට කටයුතු කල බ්‍රිගේඩියර් සුරේෂ් සැලේ.. ඒ වගේම හිටපු පොලිස් විශේෂ බළකා ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති සරත්චන්ද්‍ර වත් එහිදී සඳහන් උනා.. තුන්වැනියා වත්මන් නාවික හමුදාවේ නැගෙනහිර නාවික ආඥාපතිවරයා වන රියර් අද්මිරාල් ට්‍රෙවිස් සින්නයියා.. නමුත් විරවංශ මන්ත්‍රීවරයා එහිදී ඔහුගේ නමින් ඔහුව සඳහන් කිරීමක් කරන්නේ නෑ. මේක අහනකොටම මට මතක් උනේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ 'අධිෂ්ඨානය' පොත.. එහි කීප තැනකම කපිතාන් ට්‍රෙවිස්, කොමඩෝර් ට්‍රෙවිස් ලෙස ඔහුගේ නම සඳහන් උනත් කොතැනකවත් 'සින්නයියා' කියන ඔහුගේ වාසගම සඳහන් වෙන්නේ නෑ.. සමහරවිට ඔහුගේ මේ දෙමළ සම්භවය නිසා ඔහුගේ වීරත්වයට අඩු ලංසුවක් ලැබේවියයි මේ මන්ත්‍රීවරයා හා අද්මිරාල්වරයා හිතුවද දන්නේ නෑ.. හැබැයි මටනම් එය ඔහුට වඩා වැඩි වටිනාකමක් එක් කරන සාධකයක්. මේ පෝස්ට් එකේ ඉස්සරහට මම 'රියර් අද්මිරාල් සින්නයියා' නැත්නම් 'සින්නයියා සර්' කියල නිතර කියන්නේ ඒ ගෞරවය පෙරදැරිවමයි..

රියර්අ ද්මිරාල් සින්නයියා ගැන ලිපියක් ලියන්න හුඟ දවසක ඉඳන් හිතාගෙන හිටියත් වැඩත් එක්ක ඒක අතපසු උනා.. නමුත් විමල් මන්ත්‍රීවරයාගේ මේ කතාව හෙට මාධ්‍ය වල පලවෙනකොට අඩන්න බලන් ඉන්න දේශප්‍රේමීන්ගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ රට වෙනුවෙන් කිඹුල් කඳුලුත් එක්ක මේ විශිෂ්ට නිලධාරියාගේ අම්මා අප්පට පවා බැනුම් අහන්න සිදුවිය හැකි බව දන්නා නිසා යන්තමින් හෝ ඔහු පිළිබඳව සාධාරණයක් ඉටු කිරීමට මේ ලිපිය ලියා පලකිරීමට මීට වඩා සුදුසු වෙලාවක් නෑ..

ට්‍රෙවිස් සින්නයියා සර් මට මුලින්ම හම්බවෙන්නේ 2000 වසරේ ජනවාරි මාසයේ.. පාස් අවුට් එකෙන් පස්සේ මගේ පලවෙනි ඇපොයින්මන්ට් එක විදියට වේග ප්‍රහාරක මුර යාත්‍රාවක දෙවන අණභාර නිලධාරියා විදියට ගියාම මට පැවරුණු මුල්ම රාජකාරි වලින් එකක් තමයි වර්ෂාවසනයේදී සිදුකලයුතු එහෙත් එතෙක් මගහැරී තිබුණු නැවියන්ගේ සේවා වාර්තා (Service Documents) අණදෙන නිළධාරියා ලවා සහතික කරවා ගැනීම.. මෙලෝ හසරක් නොදන්නා මම සේවා වාර්තා මිටියත් කර තියාගෙන අණදෙන නිලධාරියා මුණ ගැහෙන්න යනවා බලාගෙන හිටපු අනෙක් ජේෂ්ඨ සගයින් මගේ දිහා අවඥාවෙන් වගේ බලාගෙන හිටිය කියල පස්සේ හිතුන.. ඒත් මම ගියා ඉතින්.. එවෙලේ තමයි ඔහුව මුලින්ම දැක්කේ.. නියම නේවිකට් රැවුල.. ඇස දෙක උස්සල බැලුවම හයි බිම් ලයිට් එකක් ගැහුවා වගේ.. ඔක්කොමත් හරි ඒ ඉංග්‍රීසි හා ඇසෙන්ට් එක.. මගේ ඉස්සරහ හිටියේ අපිට ට්‍රේනින් කාලේ උගන්නපු නියම 'නේවි ඔෆිසර්' කෙනෙක්ගේ මොඩල් එකක් කියල මට හිතුනේ.. කොහොමහරි ඒ ටෙස්ට් එකෙන් ගොඩ ගිහින් SD ටික දුන්න සයින් කරන්න.. පළවෙනිම එක දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු ලොක්කා එකපාරටම මගෙන් මෙහෙම ඇහුව..
"who was your predecessor?' 
"Sub Lieutenant .... sir!"
මම කියනවත් එක්කම ලොක්ක මේසේ උඩ තිබ්බ බෙල් එකට දෙපාරක් තට්ටු කරා.. එතකොට ආවේ තවත් ඒ වගේම නේවි එකේ 'චරිතයක්'.. ඒ කාලේ ඩෝරා ස්කොඩ්රන් එකේ ට්‍රේනින් ඔෆිසර්.. එයා ගැන වෙනම ලියන්න  වෙන්නේ..
"YN, where is now that bloody sub lieutenant .....? ask that fucker to come and report me tomorrow morning"
"Aye aye sir!" කියල අපි දෙන්නම සැලියුට් එකක් ගහල එලියට ආව.. ආපු ගමන් YN සර් මගෙන් ඇහුව විස්තරේ.. මං වෙච්චි දේ ඒ විදියටම කියුව.. පස්සේ බැලින්නම් කලින් එකා ලොක්කගේ අස්සන හොරට ගහල තිබිල ඊට උඩින් තැනක.. ලොක්කට දැක්ක ගමන් මාට්ටු.. ඒ ලොක්ක කවදාවත් අත්සන නිල් පෑනකින් ගහන්නේ නැතිලු.. කලුපාට සයිනින් පෙන් එකක් විතරලු පාවිච්චි කරන්නේ.. අර උන්දා ලෙසටම අස්සන ගහල හැබැයි නිල් පෑනකින්..වැඩේ අතේ කෝට්. ඔන්න ඔහොමයි මගේ වෘත්තීය ජිවිතේ පටන් ගන්නකොටම ඒකට 'ට්‍රෙවිස් සින්නයියා' සම්භන්ද උනේ.. ඒ කාලේ ජුනියර් ඔෆිසර්ස් ලා සින්නයියා සර් ලඟට යන්න බය හේතු දෙකකට.. පළවෙනි එක කඩ්ඩට.. මටනං ඒ කතා කරනවා අහං ඉන්න ආසයි.. දෙවෙනි එක ඔහුගේ දැනුම.. ඩෝරා ගැන, ඩෝරා එන්ජින් ගැන, වෙපන් ගැන, එල්ටීටීඊ එක ගැන, ට්‍රින්කෝ හාබර් එක ගැන, seamanship ද navigation ද මොනවගෙන් ප්‍රශ්ණයක් අහයිද දන්නේ නෑනේ.. ඒ හැම එකක් ගැනම ඔහුට තිබ්බේ අප්‍රමාණ දැනුමක්.. ප්‍රශ්ණයක් ඇහුවම ගොළුව කසාය බිව්වා වගේ හිටියොත්නම් 'මළ පනිනවා'. දන්නා විදියට උත්තර දුන්නොත් හිනාවෙලා ඒ සම්භන්දව වැඩිපුර තොරතුරු ඔක්කොම කියල දෙනවා.. මට සර් ව අල්ලලා ගියේ ඒ නිසා.. හැබැයි මම ඩෝරා වලට එකතු වෙලා ටික කාලෙකින් සර් වෙන තැනකට ට්‍රාන්සර් වෙලා ගියා.

1999-2000 කියන්නේ මුහුදු කොටි ක්‍රියාකාරකම් උපරිම මට්ටමක තිබ්බ කාලයක්.. ඒ කාලේ නාවික හමුදාවේ කොඳු නාරටිය වෙලා තිබ්බ වේග ප්‍රහාරක මුර යාත්‍රා බලගණය සින්නයියා සර් අතට පත්වෙන්නේ අහම්බයකින් නෙවෙයි.. ඔහු ඩෝරා ස්කොඩ්රන් එක පටන් ගත්ත මුල් කාලේ ඉඳල ඒකෙ වැඩ පෙන්නපු 'පොරක්' .. සින්නයියා කියන නම ඉස්සරහින් වීරත්වය මුලින්ම ලියවෙන්නේ 1987 වගේ ඈත කාලෙක.. එතකොට ඔහු ලුතිනන් වරයෙක්.. හරියටම කියුවොත් P 457 ඩෝරා යාත්‍රාවේ දෙවන අණබාර නිලධාරියා..

එදා දවස 1987 ඔක්තෝබර් 2 වෙනිදා.. ඒ අවුරුද්දේ ජූලි 29 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරලා ඒ වෙනකොට යාපනය අර්ධද්වීපය සේවා නූලට ගිනිතිබ්බ බෝම්බයක් වගේ තිබුනේ.. ලංකා හමුදාව, ඉන්දීය සම සාධක හමුදාව හා එල්ටීටීඊ ඇතුළු සන්නද්ධ කල්ලි අතුරින් කවුරු කවුරු එක්ක යුද්ද කරයිද කියල විශ්වාසයක් තිබුනේ නෑ. විශේෂයෙන්ම ඉන්දීය හමුදා හා ලංකා හමුදා අතර හොඳ හිතක් තිබුනෙම නෑ. අඩුම තරමින් උතුරු නැගෙනහිර ආරක්ෂාව සම්භන්දව දෙගොල්ල අතර සාකච්චාවක් වත් තිබුනේ නෑ. ඇත්තටම ඉන්දීය හමුදා වැඩිපුර ගනුදෙනු කරේ ත්‍රස්ත කණ්ඩායම් එක්ක. ඒ විශ්වාසය දඩමීමා කරගෙන එල්ටීටීඊය එදත් මහා පරිමාණයෙන් ආයුද හා පිරිස් බලය රැස් කරා. මේ සියල්ල කණපිට හැරුනේ නාවික හමුදාවෙන් මෙදින අත්අඩංගුවට ගත්ත 'kadalpura' කියන ට්‍රෝලර් එක නිසා.. ඒකෙ ගමන් ගත්තේ ඒ දවස්වල එල්ටීටීඊයේ ප්‍රබලම නායකයින් දෙපොළක් වූ කුමාරප්පා සහ පුලේන්ද්‍රන් ඇතුළු ප්‍රභල කොටි සාමාජිකයින් 18 දෙනෙක්.. අවි ආයුද හා තවත් යුද උපකරණ විශාල ප්‍රමාණයක් එක්ක වැල්වැටිතුරේ ඉඳල තමිල්නාඩුවට යන අතර P 457 ඩෝරා යාත්‍රාවෙන් detect කරලා තිබුන.. කුමරප්පා කියන්නේ ප්‍රභාකරන්ගේ මස්සිනා. පුලේන්ද්‍රන් තමයි කන්තලේ කිතුල්උතුව ප්‍රදේශයේ දී හමුදා හා සිවිල් වැසියන් ගමන් ගත බස් රථයක් නවත්වා ඔවුන් සියලු දෙනාවම අමු අමුවේ ඝාතනය කරේ. අපේ ආරක්ෂක හමුදාවන්ගේ බලය අඩපණ කරලා තිබුණු ඒ කාලේ මහා රෑ දෙකට විතර ගොඩ බිමින් ඉතා ඈත මුහුදේදී නාවික හමුදා යාත්‍රාවක් මෙතරම් සැලකිල්ලකින් ඉඳියි කියල කවුරුවත් හිතන්නේ නැති වෙලාවක මේ detection එක කරේ එදා ඒ යාත්‍රාවේ දෙවන අණභාර නිලධාරියා වූ අපේ කතා නායකයා. නාටකය එතනින් නතර උනේ නෑ. නවත්වන්න කියල එන දුන්නට ඔවුන් නතර නොකරම ඉන්දීය මුහුදු සිමාව දෙසට යාත්‍රා කරන්න උනා. ඒ මදිවට බෝට්ටුව වටේටම අවි අමෝරාගෙන නේවි යාත්‍රාවට අභියෝග කරා. තව ටිකක් එහාට ගිහිං ඔවුන් එදා ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වුනානම් ඉන්දු ලංකා ගිවිසුම හා ඉන්දීය සම සාධක හමුදා පිලිබඳ ඉතිහාසය අදට වැඩ බොහෝ සෙයින් වෙනස් එකක් වීමට ඉඩ තිබුනා. නමුත්.. 

අවස්ථානුකුලව මේ අත්අඩංගුවට ගැනීමේ වැදගත්කම අවබෝධකරගත් එවකට ලුතිනන් සින්නයියා දෙවරක් නොසිතා ඩෝරා යාත්‍රාවේ සිට වේගයෙන් ගමන් කරමින් තිබු සතුරු යාත්‍රාවට අවි අමෝරාගෙන කඩා පැන්නා. ඔහු සමඟ ඔහුගේ සහයට පැමිණි නායක නැවි ප්‍රේමතිලක නම් වූ ඒ වීර නාවිකයින් දෙදෙනාට එල්ටීටීඊ සාමාජිකයින් දහ අට දෙනා ඇතුළු ඒ ට්‍රෝලර් යාත්‍රාව අත්අඩංගුවට ගෙන P 457 යාත්‍රාවේ අධීක්ෂණය යටතේ නැවතත් කන්කසන්තුරය වරාය වෙත යාත්‍රා කරවීමට හැකි වුවා. එහිදී අත් අඩංගුවට ගත් එල්ටීටීඊ ප්‍රබලයින් ප්‍රශ්ණ කිරීම සඳහා කොළඹට ගෙන ඒමට විරුද්ධත්වය පාමින් ඔවුන් සයනයිඩ් කා සියදිවි හානි කර ගැනීමත් සමඟ යාපනය අර්ධද්වීපය පුරා ත්‍රස්ත කැරලි කෝලාහල පටන් ගැනීමත් සමඟ ඉන්දීය සාම සාධක හමුදාව තමන් මෙතෙක් කිරිපොවා හුරතල් කර නාගයාගේ තරම අවබෝධ කරගනිමින් එල්ටීටීඊයට එරෙහිව යුධමය ක්‍රියාමාර්ග වලට එළබුනා.. ඉතිරිය ඉතිහාසගතයි.

එතැන් පටන් රණවික්‍රම, රණසුර වැනි යුද්ධයේදී දක්වන විශිෂ්ඨ දක්ෂතා වෙනුවෙන් ලබා දෙනු ලබන වීර පදක්කම් හා පළඳනා රැසකින් පිදුම් ලබමින් යුද්දයේදී මෙන්ම ඉන් පරිබාහිරව නාවික හමුදාවේ ඉතාමත් වැදගත් තනතුරු රැසක වගකීම් දරමින් වෙසෙසින්ම ශ්‍රී ලංකා නාවික හමුදාව කලාපයේ වෙනත් නාවික හමුදා අතර ඉහලින් ඔසවා තැබීමට සිය වියත් කථිකත්වය හා අප්‍රමාණ නාවික දැනුම නිසි ලෙස යොදවමින් දවසින් දවස නාවික හමුදාවේ ඉදිරියටම යාමට ට්‍රෙවිස් සින්නයියාට හැකි උනා.. සාමාන්‍යයෙන් හමුදාවල career officers ලා කියා හඳුනා ගන්නා කොටසක් ඉන්නවා.. ඒ සිය දක්ෂතා, හැකියාවන් හා performance (merit) මත නාවික හමුදාවේ ඉදිරිපෙළ නායකත්වය සඳහා සුදුසුකම් පෙන්වන දක්ෂ නිලධාරීන්. පැහැදිලිවම ට්‍රේවිස් සින්නයියා යනු එකල එවන් career officer කෙනෙක්.. ඔහුගේ නායකත්ව ගුණාංග, දක්ෂතා හා 'වැඩ' ගැන දැනගෙන සිටි අපි කවුරුවත් ඒ ගැන අහිතකින් හිටියේ නෑ.. 

ට්‍රෙවිස් සින්නයියා ගැන මීළඟ කතාව 1987න් හරියටම අවුරුදු විස්සකට පසේ ඒ කියන්නේ 2007 අවුරුද්දට අරගෙන යනවා.. මාවිල්ආරු සොරොව්ව මුදා ගැනීමෙන් ඇරඹි හතරවන ඊලම් යුද්දයේ උච්චතම අවධියේ.. ඉදිරියට ඇදෙන හමුදා සේනාංකවලට තිබුණු ලොකුම බාධකය උනේ නොනවත්වා ත්‍රස්තවාදීන් අතට පත්වන නවීන පන්නයේ බර අවි හා උන්ඩ සැපයුම.. මහා මුහුදේ නොදන්නා ප්‍රදේශයක සිට නොකඩවා මේ අවි ආයුධ ගොඩ බිමට ලැබෙන බවත් එම නැව් ඇති ඉසව්ව ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජලතරණ හැකියාවෙන් ඔබ්බට ගිය ජාත්‍යන්තර මුහුදු සිමාවේ එකක් බවත් යන්න දැන සිටීම හැර ඊට විසඳුමක් එතෙක් යෝජනා වී තිබුනේ නෑ. ඒ අතර මේ අපේ කතා නායකයා එවකට ලංකාව සතුවූ විශාලම නෞකාව වූ සයුර යාත්‍රාවේ අණදෙන නිලධාරී වරයා ලෙස පත්වී එනවා. එතැන් පටන් මෙතෙක් බොහෝ දෙනෙකුට නොහැකි වූ ජාත්‍යන්තර සහයෝගය හා නවීන තාක්ෂණයේ සහයෝගයද ඒ සියල්ල පරයා නැගී වීරත්වය කැටි කරගත් නාවික සගයන්ගේ සහයද ලබාගෙන ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාගේ හා වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ එතෙක් මෙතෙක් නාවික හමුදාව සිදුකල දැවැන්තම හා සාර්ථකම මෙහෙයුම් ගණනාවක් සැලසුම් කරමින් ඒ මහා වික්‍රමය එනම් එල්ටීටීඊ ජාත්‍යන්තර ආයුධ ජාවාරම් ජාලය විනාශ කිරීමේ මෙහයුම් ප්‍රධානියා වන්නේ, කරන්නාගොඩ මහතා සිය කෘතියේදී උපුටා දැක්වීමට මැලිවූ, එලෙසම විමල් විරවංශ මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවට නම ඇතුලත් නොකිරීමට ප්‍රවේශම් වූ ද්‍රවිඩ වාසගමක් සහිත මේ අභීත ලංකා පුත්‍රයායි.. ඔහුගේ සේවය කොතරම් උසස් කොට සැළකුවද යත් කරන්නාගොඩ මහතාම සඳහන් කරන පරිදි අවසන් සමයේ උසස්වීමක් ලබා නාවික හා සාගරික විද්‍යා පිඨයේ අඥාපති ව සිටි කොමදෝරු ට්‍රෙවිස් සින්නයියා මෙම මෙහෙයුම් සඳහාම තාවකාලිකව ඒ ඒ අවස්ථාවන්වලදී ඒකාබද්ධ අණදෙන නිලධාරී වරයා ලෙස ප්‍රධාන නෞකාවට අනුයුක්ත කරනු ලැබුවා.. 

2009 මැයි  18 වෙනිදායින් පස්සේ සියල්ල කණපිට පෙරලුනා.. මැණික් පරයා දේශප්‍රේමී ලේබලය අලවාගත් ගොමරිටි යෙහෙන් වැජබුනු ඒ වකවානුවේ දක්ෂ නිර්භීත හා ඇත්තටම වැඩ පෙන්නපු නිලධාරීන්ට හමුදාව කලකිරවන සිදුවීම් එක පිට එක පෙළ ගැසුනා.. ඉතිහාසයේ නාවික හමුදාපති දූරයට පත්වූ අපකිර්තිමත්ම පුද්ගලයෙකු වූ හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක සමය එහි කුටප්‍රාප්තියයි. නැගෙනහිර මුහුදේ සිදුවූ 'සිවිල් ඇඳුම් ඇඳගෙන ඩිංගි බෝට්ටුවකින් ගමන් ගත් නැවියන් සිවු දෙනෙකුගේ අතුරුදහන්වීම' යන සිදුවීම අරඹයා සෝමතිලක දිසානායක හා ට්‍රෙවිස් සින්නයියා අතර ඇරඹි මත ගැටුම අවසන් උනේ 2011 වසරේදී ට්‍රේවිස් සින්නයියාට නාවික හමුදාවෙන් ඉල්ලා අස්වීමට බලකරමින්. ඒ වෙනුවෙන් එවකට පැවති දේශපාලන බල අධිකාරිය බලපෑම් කල බව ප්‍රසිද්ද රහසක්.. 

කනස්සලු සිතින් නාවික හමුදාව හැරගියද ඉතා දක්ෂ හා අත්දැකීම් බහුල නිලධාරියෙකු වූ ට්‍රෙවිස් සින්නයියාට තවත් ඉතා  භාරදුර දූර වගකීමක් ලැබුනා.. ඒ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකයෙකු ලෙස.. එවන් තනතුරකට ඔහු තරම් වෙනත් සුදුස්සෙක් එවකට ඇත්තටම හිටියේ නෑ කියන්න පුළුවන්.. ඔහුගේ තානාපති කාර්යාලයේ භූමිකාව කුමක්ද යන්න හෙළි නොවූ කතාවක් වුවද ඔහු ගැන දන්නා ඕනෑම පුද්ගලයෙකු එම අවස්ථාව දෙරටටම හානියක් නොවන ලෙස ඉතා මැනවින් කළමනාකරණය කර ගැනීමේ සුවිශේෂ හැකියාවක් ඔහු සතු බව පිලිගන්නවා. මේ සඳහා හොඳම උදාහරණය වන්නේ තානාපති කාර්යාලයේ සේවය නිමා කරන ඔහු සිය පවුල සමඟ පදිංචියට යන්නේ ඇමෙරිකාවට නොව වෙනත් යුරෝපිය රටකටයි. විරවංශ මන්ත්‍රීවරයා අමතක කල නමුත් අපි සියලු දෙනා දන්නා සත්‍යයක් නම් ට්‍රේවිස් සින්නයියා ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සේවකයෙකුව සිටියා පමණක් වද්දී, පසුගිය රජයේ ආරක්ෂක ලේකම්වරයා ඇමෙරිකානු පුරවසියෙකුව සිටි බව එමෙන්ම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමෙරිකානු ග්‍රීන් කාඩ් හිමියෙක් බව.. එසේම සේවයේ සිටියදීත් හමුදා නිලධාරීන් වෙනත් රටවල තානාපති කාර්යාල සඳහා Defence Advisors ලා විදියට අනුයුක්ත කරන බව.. 

යහපාලන රජය (දැන්නම් ඇති යහපාලනයක් නැති වුවත්) පත් වූ අලුත සිදුවූ එක් වැදගත් ක්‍රියාමාර්ගයක් වුයේ පසුගිය රජය සමයේ දේශපාලන පලිගැනීම් වලට ලක්වූ නිලධාරීන් නැවත සේවයේ පිහිටුවා ඔවුන්ට හිමි වැටුප්, උසස්වීම් හා අනෙකුත් වරප්‍රසාද නැවත ලබා දීමයි. මාගේ දැනුමේ හැටියට එවන් ත්‍රිවිද හමුදා නිලධාරීන් 50 කට ආසන්න පිරිසක් නැවත සේවයේ පිහිටවූ අතර ඔවුන් වැඩි පිරිසක් නව තනතුරේ වැඩ බාරගත් දිනම නැවත විශ්‍රාම ගන්වනු ලැබූ අතර ඉතාමත් සීමිත පිරිසක් නැවත සේවයේ යොදවනු ලැබුවා. ඒ ඔවුන්ගෙන් ලාබගතයුතුම වූ එහෙත් ලබා ගත නොහැකි වූ සේවය ලබා ගැනීම වෙනුවෙනුයි. ට්‍රේවිස් සින්නයියා යනු එවන් නාවික හමුදාව තුල සිටිය යුතුම නිලධාරියෙකු ලෙස නාවික හමුදාව හඳුනා ගෙන සිටියා. 

දෙවෙනි ආගමනයත් සමගත් රියර් අද්මිරාල් සින්නයියාගේ නාවික ගමන එතරම පහසු එකක් උනේ නෑ.. ඔහුව නැගෙනහිර ආඥාපතිවරයා ලෙස නම් කර සිටියදී සාම්පුර් පාසලක උත්සවයක් අවස්ථාවේ නැගෙනහිර මහා ඇමතිවරයා විසින් ප්‍රොටෝකෝල් ප්‍රශ්නයක් මුල් කරගෙන එහි සිට නාවික කපිතාන්වරයාට බැන වැදීමත්, නැගෙනහිර මහා ඇමතිවරයා මුස්ලිම් ජාතිකයෙකු වීම හරහා ඇතිවුණු කැළඹීමත් එවකට මාරුවී යාමට නියමිතව සිටි නැගෙනහිර නාවික ආඥාපති වරයා ප්‍රමුඛ හමුදා ප්‍රධානින් සිංහලයින්ගේ ප්‍රමෝදයට හේතුවූ මහා ඇමතිවරයාට හමුදා කඳවුරු වලට ඇතුළුවීම තහනම් කරමින් දුන් තීන්දුවත් නිසා වැඩ බාර ගන්නා අවස්ථාව වෙද්දීම නව ආඥාපතිවරයාගේ පුටුව රත්වී තිබුනා.. එලෙසෙම නාවික හමුදාවේ මාරුවීම් ක්‍රමවේද පිලිබඳ නොදන්නා බොහෝ දෙනා මේ මාරුවීම සාම්පුර් සිදුවීමේ ප්‍රතිපලයක් ලෙස හුවා දැක්වීමත්, නාවික හමුදා මුලස්ථානයේ තීරණයක් අනුව යමින් නැගෙනහිර මහා ඇමතිවරයාට දිවා ආහාරය සඳහා නාවික තටාකාංගනයට ආරාධනා කිරීම නව ආඥාපතිවරයාගේ කලපරිච්චේදය ආරම්භයේදීම සිදුවීමත් යන ඒවා මේ පෑරෙමින් තිබු තුවාලයට ලුණු වත්කිරීමක් වගේ උනා....

නමුත් දැන් ත්‍රිකුණාමලය ප්‍රමුක නැගෙනහිර නාවික පෙදෙසේ තත්වය බොහෝ වෙනස්.. යුද්දයෙන් පසු වැටි තිබු හමුදා සාමාජිකයින්ගේ මානසික මට්ටම හා හමුදා සුදානම නැවත ඇති වෙමින් තිබෙනවා. ඒ වගේම අවශ්‍ය යුද උපකරණ මිලදී ගැනීම්, යාත්‍රා අලුත්වැඩියා කටයුතු, පුහුණු කටයුතු මෙන්ම නැවියන්ගේ හා නිලධාරීන්ගේ සුභ සාදන කටයුතුද ඉතා විධිමත්ව හා ඉහල විනිවිද භාවයකින් සිදුවන බව එහි සිටින ජෙෂ්ට කනිෂ්ඨ නිලධාරීන් සියලු දෙනා සාක්ෂි දරනවා.. දැන් ඔවුන්ට නියම මිලිටරි නායකත්වයක් ලැබී ඇති බව එහි අවසන් කියවීමයි.. මේ සියල්ල දක්ෂ අවංක, එඩිතර හා දැනුවත් නිලධාරියෙකුගේ මඟ පෙන්වීමේ ප්‍රතිපලයි. 






Photo credit goes to Sri Lanka Navy official website
හැම වැරද්දටම ගෙදර තියෙන දේශපාලන මුව හැමට තඩි ගහන කට වාචාල දේශපාලකයින් කුමක් කීවත්.. ඔබ ගැන දන්නා, ඔබ යටතේ වැඩ කර ඇති වෙනත් බොහෝ දෙනෙකු මෙන්ම මගෙත් ප්‍රාර්ථනය ට්‍රෙවිස් සින්නයියා ඉදිරි දිනකදී නාවික හමුදාවේම අණ දෙන්නා වනු දැකීමයි.. 

BZ Sir! Keep up the good work.. you'll get what you deserve.   

95 comments:

  1. //2009 මැයි 18 වෙනිදායින් පස්සේ සියල්ල කණපිට පෙරලුනා.. මැණික් පරයා දේශප්‍රේමී ලේබලය අලවාගත් ගොමරිටි යෙහෙන් වැජබුනු ඒ වකවානුවේ දක්ෂ නිර්භීත හා ඇත්තටම වැඩ පෙන්නපු නිලධාරීන්ට හමුදාව කලකිරවන සිදුවීම් එක පිට එක පෙළ ගැසුනා..// කාටත් පැහැදිලිව නොපෙනන සත්‍යය. සැහෙන කාලෙකට පස්සේ ලියපු පොස්ට් එක නියමයි. ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. Patriotism is the last refuge of a scoundrel: Samuel Johnson
      Patriotism is the virtue of the vicious. - Oscar Wilde.

      Patriotism is the cover for corruption and inefficiency කියලත් කිව්ව හැකි නේද?

      Delete
    2. Pra.. තුන්වෙනි එකනම් ඇස් පනාපිට දැකල තියෙනවා.. හැක්..

      Delete
  2. එල කිරි...
    //එතකොට ආවේ තවත් ඒ වගේම නේවි එකේ 'චරිතයක්'.. ඒ කාලේ ඩෝරා ස්කොඩ්රන් එකේ ට්‍රේනින් ඔෆිසර්.. එයා ගැන වෙනම ලියන්න වෙන්නේ..//
    ඔය ගැම්මෙන්ම මේකත් ලියපං ...

    ReplyDelete
    Replies
    1. ඔන්න.. ඔය.. ඕකනේ ඉතිං කරන්න බැරි..

      Delete
  3. ඉතාම කාලෝචිත රසවත් ලියවිල්ලක්. අද්මිරාල් සින්නයියා ගැන අසා තිබුනත් ඔහු සමඟ ගනු දෙනු කරන්න ලැබුනෙ ඔහු යූ එස් එම්බසි එකේ වැඩ කරන කාලේ. එහිදීත් හමුදා නිලදාරින්ට උපරිම සහයෝගයක් ලබා දුන්නා. නේවි එකේ ශ්‍රී පරම් කියලා තවත් නිලදාරියෙක් හිටියා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දම්සෝ පුතා.. මුලින්මද මන්දා කලාහිතේදී දැක්කේ.. කොහොම හරි වෙරි වෙල්කම්. නිල ඇඳුම ගැලෙව්වට ඒ කැක්කුම හැමදාම තියෙනවානේ.. ;)

      Delete
  4. කමියෝ, අර කමල් ගුණරත්නගේ ලියවිල්ල කොච්චර පුස්සක්ද කියන එක උඹේ මේ වියමනෙන් ඒත්තු ගියා...මොනා හරි දෙයක් කියෙව්වම, අලුතෙන් යමක් ඉගෙනගන්න පුලුවන් විදියට ලියන එක කොච්චර උතුම් දෙයක්ද...?
    කම්මැලි නැතුව ලියන්න පටන් ගන්න, අපව දැනුවත් වෙන්න...!
    සැලූට්...!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම චේෆාකිගෙ කතාව ඇත්ත. කමියය ලියන විදිහට කියවන්ඩ ආස හිතෙනව වගේම , අගේ කල යුත්තන් ලෝබ නැතිව අගය කරනව.

      Delete
    2. චෙෆාකි.. අම්මෝ.. අලෙවි වාර්තා තියපු පොත් වලට අලගු තියන්නවත් ඇහැකිය මේ අපේ අලුක්කල් වලට..

      Delete
    3. කම්මල.. උඹ ඉතින් කවදත් මේ කතා වලට මනාප එකා නොව.. :)

      Delete
    4. එකෙන්ම ...
      ඇයි යකෝ තොට මෙචර හැකියාවක් තියනකොට නොලියා ඉන්නේ

      Delete
    5. මෙන්ඩෝ.. උඹට බැරිද වෙන රස්සාවක් හොයල දෙන්න.. හැක්.

      Delete
  5. කාලෙකින් ලිපියක් ලියලා....
    ඔබේ අදහස් වලට එකඟ වෙන්න පුළුවන්....

    ReplyDelete
    Replies
    1. //ඔබේ අදහස් වලට එකඟ වෙන්න පුළුවන්// ඒ රාවය කන්කළුයි.. :) ස්තුතියි උඩුවා..

      Delete
  6. //ආපු ගමන් YN සර් මගෙන් ඇහුව විස්තරේ.. //

    YN Jayaratne
    RC 86 Batch!!

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න නේවි කමාන්ඩර් අපේ බැච් එකේ හිටන්.

      Delete
    2. YN Jayaratne අපේ බැච් එකේ හිටන්.

      Delete
    3. දෙන්නම අපේ නේවි එකේ හිටං.. ඉඳගෙන.. හැක්.

      Delete
  7. උඹ මහ අපරාධකාරයෙක්.ඒ කියන්නෙ නොලියනවා කියන්නෙ හෙන අපරාධයක්.
    මේක තමයි උඹෙන් වෙන්න ඕනෙ මේ වෙලාවෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔන්න බලපන්.. ලියුවම අපරාධකාරයෙක්ලු.. හැක්. ස්තුතියි ලබ්බෝ..

      Delete
  8. සැලියුට්! (ගිය සතියෙ දවසක අහම්බෙන් දැකල සැලියුට් එකක් ගැහුව)
    විමලේ ගැන නං කතාකරල වැඩක් නෑ. උගේ හාම්පුතා ගැනත් එසේමයි.
    //ඉතා භාරදුර දූර වගකීමක් ලැබුනා.. ඒ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකයෙකු ලෙස..// මං හිතන්නෙ නෑ ඒක එච්චර භාරදූරයි කියල?

    ReplyDelete
    Replies
    1. //ගිය සතියෙ දවසක අහම්බෙන් දැකල සැලියුට් එකක් ගැහුව// ඒකනේ.. ගහකට ගහක් තංගල්ලේදී හම්බවෙනවලු.. උඹ මාව අඳුන ගත්ත එක ලොකු දෙයක්.. :)
      //මං හිතන්නෙ නෑ ඒක එච්චර භාරදූරයි කියල?// වැඩේ පුංචි උනත් තනතුර භාරදුරයි.. සෙන්සිටිව් සහ හොඳ පර්සනිලිටි එකක් නැති එකෙක් අනාගන්නවා.. එහෙම අනාගත්ත උන්ට උදාහරණ බොහෝයි..

      Delete
  9. මිත්‍රයා බොහොම හිතට එකඟව එහෙමත් නැත්තං බොක්කෙන්ම ලියාපු ලිපියක් බව කියවනකොට හිතට දැනෙනවා ! ස්තුතියි නොදත් බොහෝ දේ බෙදා ගත්තට 👍

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කණ්ඩා.. වෙල්කම් ටු කලාහිත.. :)

      Delete
    2. මම කිහිප විඩක් ගොඩ වැදුන අද තමයි කොමෙන්ටුවක් දාල යන්න වෙලාවක් තිබුණේ :)

      Delete
    3. එළකිරි! පුළු පුළුවන් වෙලාවට ඇවිත් පලයන් හිටං.. :)

      Delete
  10. මොනවා කියන්නද බං මෙව්වා ඉතින් අපි දන්නේ උඹලා මෙහෙම ලිව්වොත් තමයි.කමල්ගේ මම පොර පොතත් මම කියෙව්වා.ඔව්වායේ ඇත්ත,නැත්ත දන්නේ ඉතින් ඔය ෆීල්ඩ් එකේම හිටපු උන්ම තමයි.

    ReplyDelete
    Replies
    1. //කමල්ගේ මම පොර පොත// හැක්.. නෝ කමෙන්ට්ස්.. :) ;)

      Delete
    2. කමියෝ,

      කමල්ගේ නන්දිකඩාල් මම තමයි පොර න්‍යායෙන් ලියා ඇති වීම අඩුවක් ලෙස නොව, මෙවන් යුද්ධයක සැලකිය යුතු දෙයක් කල මිනිසෙකුගෙන් බලාපොරොත්තුවිය හැකි තත්වයක් ලෙසයි බොහෝ දෙනෙක් සිතන්නේ. අනෙක ඔහු සාහිත්‍යකරුවකු නොවන ආමිකාරයකුගේ භාශාවෙන් තරම තමන් කෙරෙහි අධි-විශ්වාසයකින් (over-confident) ලියා ඇති සෙයක් තමයි පෙනෙන්නේ. එම පොතේ අඩුපාඩු තිබුණත් බොහෝ හමුදා සාමාජිකයින් අගය කරන පොතක් එය. කරන්නාගොඩගේ අධිශ්ඨානය පොතත් නියම පොතක්. ෆීල්ඩ් මාශල් ෆොන්සේකා මහතාත් මෙවන් පොතක් ලිව්වොත් ඉතාමත්ම හොඳයි. (ඒක නම් මීටත් වඩා "පොර" ශෛලියෙන් සහ ගෝඨල මරාල දෙකේ කොළේට දාල ලියාවිද දන්නෙ නැහැ).

      Delete
    3. අධිෂ්ඨානය අකුරක් නෑර කියෙව්වා.. ගෝටා ගේ යුද්දයත් කියෙව්වා.. නන්දිකඩාල් තාම කියවන්න උනේ නෑ.. ඇනෝ උනාට උඹත් එක්ක එකඟ වෙනවා යුද්දයට සක්‍රියව දායක වෙච්චි එකෙක්ගෙන් තමන්ගේ වරුණාව ටිකක් ලියවෙයි කියන එක එක්ක.. එහෙම නොවී තව කෙනෙක්ව අගය කරන්න නම් එක්කෝ ලොකු පර්සනලිටි එකක් තියෙන්න ඕනි.. නැත්නම් (මේ අපි වගේ) පොරක් නොවන නිකම්ම නිකං හමුදා කාරයෙක් වෙන්න ඕනි.. හැක්.

      Delete
  11. මේ තමයි අදහන්න ඕනේ මිනිස්සු බං

    ReplyDelete
    Replies
    1. එකෙන්ම.. අපේ උන් අදහන්නේ පාන් ගෙඩි අස්සේ දාන කොළ කෑලි නේ මචෝ..

      Delete
  12. උඹ ලියන විදිහට එක දිගට කියවගෙන යන්ඩ පුළුවං බං අයියේ.....

    අර මම එවපු එක ගැනත් විහිලුවට වගේ ලියපන්කෝ....

    ReplyDelete
    Replies
    1. අඩා ඒක අමතක නෑ සුටික්කෝ.. මේ ටිකේ පුක බිම තියාගන්න වෙලාවක් නැතුව උන්නේ.. අනිවා ලියඥ්ඥන් හොඳේ.. :)

      Delete
  13. නිවැරදි මනුස්සයට ලැබිය යුතු ගෞරවය කෙදිනක හෝ ලැබෙනවා. ගොඩක් වෙලාවට මිය ගියාම. ඒත් මේ මනුස්සයා වාසනාවන්තයි.

    උඹ නොලියන එකත් අපේ අවාසනාවක්.. චෙෆාකී හා එකඟයි..

    ReplyDelete
    Replies
    1. මේ ටිකේ පුක බිම තියාගන්න ඉඩක් නැති ගානට බිසී බං.. රාජ සේවයට නියම වෙලා ඉන්නේ.. මාලිගාවෙන් පිට පරිවාර ගොඩනැගිල්ලක සේවයට දාපු ගමන් ආයේ ලියනවා ලිවිල්ලක් අම්මප.. ලොවෙත් නැති වෙන්න.. හැක්.

      Delete
  14. හොඳ මිනිස්සු ගැන මෙහෙමවත් ලියලා තියන එක ගැන උඹට ස්තූතියි!! නැත්නම් ඔහොමම වැලලිලා යනවා. මේක හොඳ ලියවිල්ලක්. කල් අරන්, නිදහස්ව ලියන කොට නිරවුල්ව ලියන්න පුලුවන්. නියමයි කමියෝ. මචං මෙයා Trevis නෙමේ Travis නේද?

    උඹ සේනරූප ජයවර්ධන කියන ඔෆිසර්ව දන්නවද?

    ReplyDelete
    Replies
    1. ආ තව කෙනෙක් ගැන අහන්න හිටියා. ඩී.එන්.ධර්මවීර. මේ දෙන්නම ටිකක් ඉහල රෑන්ක්ස් වල හිටියේ.

      Delete
    2. // සේනරූප ජයවර්ධන //

      තිඹිරිගස්යායේ ඩෙපෝ පොලිස් ලඟද ගේ තිබුනෙ හිටන්?

      Delete
    3. සරස...පාමංකඩ වගේ මතක. ඉසිපතන සහ කලම්බු මෙඩිකල් කොලෙජ්.

      Delete
    4. හුටා.. ට්‍රැවිස් තමයි අරූ අයියා.. කොනක ඉඳල හදන්න වෙනවා.. ටැංකු වැරැද්ද පෙන්නුවට.
      දෙන්නවම දන්නවා සේනරුප ජයවර්ධන ( Surgeon Commodore Jayawardene) නම් තාම නේවි එකේ ඉන්නවද දන්නේ නෑ.. රියර් අද්මිරාල් DN ධර්මවිර නම් මේ මෑතක් වෙනකම්ම නේවි එකේ හිටියා Directorate එකේ ඉඳල තමයි රිටයර් උනේ. මමනම් දෙන්නවම දන්නවා.. ඒත් ඒ දෙන්න නම් මාව දන ගන්න විදියක් නෑ.

      Delete
    5. අහ.. කියන්න අමතක උනා.. ඔය වයස් කාන්ඩේ නේවි ඔෆිසර්ස් ලා ගැන මට වැඩිය හොඳට සරසතුමා දන්නවා.. හැක්.. කියයි අලගිය මුලගිය තැන් එක්කම විස්තරේ.. :)

      Delete
  15. ඔය මෝඩ වාහෙ කියන එව්ව කවුද බං ගණං ගන්නෙ? කුණු පොල්ගෙඩිය හොල්ලනව වගෙ කොයි වෙලාවෙත් හැච හැච ගානව මිසක තේරුමක් ඇති දෙයක් කියනවද?ජාතියේ පංචායුදේ නෙවෙයි ජාතියේ බෙලිකටු මල්ල...

    ReplyDelete
    Replies
    1. වීරවංශ ඇතැම්විට විකාර කියෙව්වත් ඔහු මතුකරන බොහෝ කාරණා ඉතා රසවත්ව සහ සෑහෙන දුරට තර්කානුකූලව කරුණු ගොනුකොට කීමේ බුහුටිකම ඔහු සතුයි. එකම අඩුව ඔහු ක්‍රමානුකූලව නිසි අධ්‍යාපනයක් ලබා නොසිටීම බව පෙනෙයි. අනෙක් අවුල ඔහු දූෂිත රාජපක්ෂ කල්ලිය සමග සෙට්වී දූෂිතයෙකු වීමයි.

      අනෙක් අතින් කිසිදු කමකට නැති තමන්ටවත් නොතේරෙන අමු ගොබ්බ බහුබූත කියවන රනිල් ලා කිරිඇල්ල ලා මෙන්ම ජනපති මෛත්‍රීපාල මහතාට සාපේක්ෂව බැලුවොත් නම් වීරවංශ සෑහෙන දක්ෂ මෙන්ම පරිණත කථිකයෙක් බව කිව යුතුයි.

      Delete
    2. රවී අයියා.. අපි ගණන් නොගත්තට ගණන් ගන්න වුන් ගණනුත් අරන් විද්‍යාව, ආගම, සිංහල, සුද්ද සිංහල ඔක්කොම ගන්නවනේ.. අන්නේකයි මේ එකෙකුට හරි ඇත්ත පෙන්නන්න ලියුවේ..

      Delete
    3. Anonymous8 December 2016 at 21:02 ඇනෝ මිත්‍රයා සමඟ එකඟ නොවී බෑ.. ස්තුතියි ඔබේ කොමෙන්ටුවටත්..

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. මෙවා මොඩ කතා ....මෙ නිළධාරියා අපිට එඩිතර රණකාමි දක්ස මානුසිය මහත්මයකි....මෙතුමාගේ පියාද..නාවික හමුදා වේ දන්ත වෛදය වරයකු ලෙස රටට සේවයක් කල .........ලාංකිය හද බදි නිහඩ..චරිතය....මෙ වැනි දක්ස නිලදාරින් නාවික හමුදාවට සම්පතකි සිතල කිමර තුල කිඩා කල අය නොව.

    ReplyDelete
    Replies
    1. උපාලි රංජිත් මහතාව සාදරයෙන් පිලිගන්නවා කලාහිතට.. ඔබේ අදහස් වලට ස්තුතියි!

      Delete
  18. මතකද මාස හත අටකට කලිං මා එක්ක කතාකලා ( හරියටම කියනවනං ) මං කතා කලා ,වෙන කතාවක් අන්තිමට ගිහිං නැවතුනේ මෙතන , ඉදල හිටලා මාස ගණන් ගියත් කමක් නැ කමියා මෙවා ලියහං .. , උඹලයි ඇත්තම කතාව සහ .. ,ඇතුලෙ තිබුන දෙ ද න් නෙ , උඹ දන්න දෙවල් ලියහං ඒක තමයි සිංහල බ්ලොග් වලට ඕන .....සහ ලිය වෙන්නැති ඇත්ත

    ReplyDelete
    Replies
    1. උඹට හොඳට දුර පේනවා කියන්නේ ඒකයි.. :) ටැංකු ටැංකු..

      Delete
  19. ත්‍රිවිධ හමුදාවේම සිටි, මෙවැනි දක්‍ෂ අවංක නිලධාරීන් රාශියක්, කලකිරීමෙන් යුක්තව සේවයෙන් ඉවත්වුණා. ඉතා ගනා තොරතුරු ඇතුලත් ලිපියක් ලෙස අගය කරනවා.

    carrier officers ක්‍රමය ත්‍රිවිධ හමුදාවේම තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක තුමා.. මේ ටිකේ හුඟක්ම අවිවේකීයි.. ආයෙම යතා තත්වෙට පත්වෙන්නෝනේ ඉක්කනට.. :)

      Delete
  20. Salute to the writer of this article with true facts. Rear Admiral Sinniah is a true and brave son of our nation. He is the pioneer to destroy bloody floating armouries around the Indian Ocean with extreme sacrification and dedication. He is a proud Sri Lankan and a proud naval officer we ever had. Sir I know that you have the strength to steer our navy in the most steadiest course as the way you turned the war into victorious course.

    ReplyDelete
  21. Salute to the writer of this article with true facts. Rear Admiral Sinniah is a true and brave son of our nation. He is the pioneer to destroy bloody floating armouries around the Indian Ocean with extreme sacrification and dedication. He is a proud Sri Lankan and a proud naval officer we ever had. Sir I know that you have the strength to steer our navy in the most steadiest course as the way you turned the war into victorious course.

    ReplyDelete
    Replies
    1. MAMP අබේ... මහතාව සාදරයෙන් පිලිගන්නවා කලාහිතට.. ස්තුතියි ඔබේ වටිනා අදහස් වලට..

      Delete
  22. Very good account . U hv done an excellent job by telling the readership who Travis is. BZ

    ReplyDelete
  23. අපි නම් මේ වගේ චරිත ගැන අහල වත් තිබුනේ නෑ. මේවා තව ලියන්න කලාහිත. මේ දේවල් එලියට එන්න හොඳම කාලේ තමයි දැන්..

    මේ ටෙක්නිකල් ප්‍රශ්නයක් අහන්නද? කොහොමද ඔය මුහුදු සිමා හරියට අඳුර ගන්නේ.. ගොඩබිමේ ඉඳල තියෙන දුරෙන් ද? නැත්නම් වෙන මොකක් හරි සිස්ටම් එකක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. කලින් නිර්ණය කරලා තියෙනවා ගොඩබිමේ සිට මේ මේ දුරවල් වලට යනකං ඒ ඒ රටවලට අයිතියි කියල.. ඉතිං මුහුදට ගිහින් රේඩාර් එකෙන් ගොඩ බිමට තියෙන දුර බැලුවම වැඩේ හරි. රේඩාර් එකෙන් ගොඩබිම පෙන්නේ නැති තරම් ඈත නම් GPS එකෙන් ලොකේෂන් එක අරන් chart (මුහුදු සිතියම්) එකක plot කරලා බලනවා.. සිම්පල් ප්ලෑන් එකක්.. හිහි..

      තැන්කියු පැතුම්.. මං හරි ආසයි ඒ වගේ ප්‍රශ්ණ අහනවට :)

      Delete
  24. උබගේ ලිපියක් දැක්කම හිත පිරුනා ...

    ReplyDelete
  25. හොඳ ලිපියක්. ගොඩක් පින්. :)

    ReplyDelete
    Replies
    1. හොඳ ළමයෙක්.. ගොඩක් ස්තුතියි! :)

      Delete
  26. උඹ සෝමතිලක ගොයියා ගැන එහේම කිව්වාට අධිෂළුානයේ තියෙන්නේ ‍පොර දක්ෂ නිලධාරියෙක් ගැන හඳුන්වා දිලා නේද? පොර නේද මුලින්ම මුහුදු කොටි බොට්ටුවත් ජිවග්‍රහයෙන් අරගත්තේ?
    අහලා දැකපු දේ තම්යි ලියුවේ. වැරදි නම් හදන්න

    ReplyDelete
    Replies
    1. හොඳ නිළධාරීන් හැම තිස්සෙම හොඳ පාලකයින් වෙන්නේ නෑ.. ඉහලට යනකොට එන දේශපාලන බලපෑම් සමඟ සමහරවිට සමහරුන්ට පෑහෙන්නත් බැරි වෙනවා.. අනික කිසිම නිලධාරියෙක් 100% ක් හොඳ වත් නරකවත් නෑ මචෝ.. ස්තුතියි!

      Delete
  27. ෆොන්සේකාවත් ගෝඨාභයවත් මම දන්නා තරමට ඇමරිකානු රජයෙන් පඩි අරගෙන නැහැ.

    ඇමරිකානු එම්බසියේ සේවකයන් නම් ඔහු එක්කො ඇමරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් හෝ රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් පඩි ගන්න ඇති.

    ඇමරිකන් තානාපති කාර්යාල වල සිටින Defense Attachés සියලු දෙනා DIA ඔත්තු සේවයේ යටතේ සිටින්නන් (ඇමරිකන් හමුදා ඔත්තු සේවය. CIA කියන්නේ ඇමරිකාවේ තිබෙන ස්වාධීන සිවිල් ඔත්තු සේවයක් ).

    ඇමරිකන් රාජ්‍ය දෙපාර්ත්මේන්තුව කියන්නෙත් එයටම අයිති වෙනම ඔත්තු සේවයක් සහිත ආයතනයක්.

    මේ තැන් දෙකේම සිටින්නේ ආධුනිකයො නෙමේ. ඔවුන්ගේ ප්‍රධාන රාජකාරියක් බුද්ධි තොරතුරු එක් රැස් කිරීම . මගේ පුද්ගලික මතය නම් මේ ආයතන පඩි ගත් කෙනෙක් වෙනත් රටක රාජ්‍ය ආරක්ෂාවට සම්බන්ධව නොසිටිය යුතු බව.

    ReplyDelete
    Replies
    1. ඔබේ මතයට ගරු කරමි!. ස්තුතියි!

      Delete
  28. //බොහෝ දෙනෙකු මෙන්ම මගෙත් ප්‍රාර්ථනය ට්‍රෙවිස් සින්නයියා ඉදිරි දිනකදී නාවික හමුදාවේම අණ දෙන්නා වනු දැකීමයි.. //
    මගේ ප්‍රාර්ථනයද එයමැයි! උඹ අර කට වාචල අමන මරි මෝඩයට ගැහුව මදි තව ටිකක් ගහන්නයි තිබ්බෙ.

    ReplyDelete
    Replies
    1. හි..හි.. කාටවත් ගහනවට වැඩිය වැරද්දක් වෙන්න ගිය එකක් පුළුවන් විදියකින් වළක්වන්නයි මට ඕනේ උනේ.. ස්තුතියි හැලප අයියා..

      Delete
  29. "පස්සේ බැලින්නම් කලින් එකා ලොක්කගේ අස්සන හොරට ගහල තිබිල ඊට උඩින් තැනක.. ලොක්කට දැක්ක ගමන් මාට්ටු.." ......................... ඔය කියන 'සිරා' ඒ අවුරුද්දෙම නගර්කොවිල් වලදි මියෑදුනා. මට මතක විදියට ඔය අත්සන් කේස් එක නිසා මිනිහව ගාල්ලෙ කර කර හිටපු කෝස් එක අත්හිටවලා ගෙන්නුවෙ නැත්නම් මිනිහා අදටත් ජීවතුන් අතර.....

    ReplyDelete
    Replies
    1. දොස්තර හොඳහිත කලාහිතේදී හමුවීම සතුටක්.. ගාල්ලේ කර කර හිටියේ ෆ්ලෑෂ් ස්ටයිල් එකක් නේද? ඒක කම්ප්ලිට් කරත් නැතත් ආපහු එන්න හිටියේ ඩෝරා (63?) එකටමයි.. මේ සිදුවීම නම් විශේෂ බලපෑමක් උනේ නෑ මගේ හිතේ.. ලොකු දඬුවමක් දුන්නෙත් නෑ මතක විදියට.. මොනවා උනත් 63/ 93 සිදුවීමේදී ඔහු ඇතුළු මියගිය සියළු සහෝදර නිලධාරීන් නැවියන් වෙනුවෙන් කණගාටු වෙනවා..

      Delete
  30. කල්‍යාණ
    ඔය කියන කාලෙ ලෑන්ඩින් ක්‍රාෆ්ට් දෙකක් ගෙනාව මතකද සිංගප්පූරුවෙන්. මම ගියා ක්ලියර් කරන්න ඩොක් එකට. මට මතක හැටියට කොමඩෝ ජයසූරිය තමයි හිටියෙ. එක් නැවක ආවෙ කමාන්ඩර් බාගුස්.

    ReplyDelete
    Replies
    1. අනේ මතක නම් නෑ ඇනෝ මහත්තයෝ.. අපි බොහොම පොඩි ඈයෝ නොව ඒ කාලේ.. ස්තුතියි ඔබේ මතකය බෙදා ගත්තට.. :)

      Delete
  31. This is not somewhat directly connected to what you have written. But I have mentioned you in by name in another bolg. Therefore I believe that I have a duty to communicate such incident to you. Please forgive me if I have done something unwanted or immoral.

    අරුණයන් තම අවසන් wordpress සටහනෙහි මේ පදවැල් උපුටා දක්වයි.

    "මුරකාවල් නැති වැටකොටු බැමි නැති අපේම අපේම නවාතැනක් …"

    මේ මඩොල් දූව සිනමා සිත්තමෙහි ගීතයය. ගැයුම අමරදේවයන් ය. පබැඳුම කවුරුදැයි සිහිකෙරුමට දැනට මා බීමත් වැඩිය. නමුදු මියැසි අදියුරුවම නම් නාවික හමුදා නිලදරු කමාන්ඩර් ප්‍රේමලාල් දන්වත්තයන්ගේය. දන්වත්තයෝ අපරදිග මියැසියෙහි කෙල පැමිණියෝය.

    වැඩිමනත් නොකියමි. දන්වත්තයන් පිලිබඳ ලියුම "කලණ මිතු" වෙත පවරමි. උන් ද ඒ නොලීවොත් ඒ උන් වරද නොවේ. එකල කලණ මිතු දෙටු නයුවන් වන සුසිත් වීරසේකරයන්, නවන් තෙන්නකෝනයන්,සේනාධීරයන්, රුපසිංහයන් ඈ නිලදරුවන් සමග වාලුකාසර කදවුරෙහි මා මීවිත විඳින කල දන්වත්තයන් පිලිබඳව මම උන් විචලෙමි. ඒ දෙටු නයුවන් වෙසෙසින්ම දන්වත්තයන් ඇගයුවද දන්වත්තයන් පිළිබඳව වැඩි යමක් නොදත්තෝය.

    සිරිලක මියැසියෙහි දන්වත්ත ලකුණ සෙවුම කියවන ඔබට භාරය.

    - මයුරවිල මි

    ReplyDelete
    Replies
    1. මයුරේ....මේ මතක් කරදීමට අම්බානක ස්තූතියි!!! ප්‍රේමලාල් දන්වන්ත ගැන කතා නොකරන තරම්. මේ වගේ තව බොහෝ අය ඉන්නවා. මයුරේ..මම සාමන්‍යයෙන් ගීතයක් උපුටා දක්වන කොට එහි ගීත රචකයා සහ මෙලඩි නිර්මාපකයා ගැන සඳහන් කරනවාමයි. අද මිනිසුන් නොකරන්නේත් එයයි. දන්වන්තයන් ගැන උඹම ලිපියක් ලියපන්. කමියා හරි බිසියක් පෙන්වනවා. ඇත්තටම ඌ බීබීසි නෙමේ බිසි කියලා මට හිතෙනවා.

      මයුරේ ආපහු ස්තූති කරනවා මේ නිහ්ඬ මිනිසුන්ව නැවත මතක් කරනවාට.

      මචං මඩොල් දූවේ අර ගීතයේ අයිතිය නම් මෙහෙමයි. මාත් හොඳට ගහලා ඉන්නේ බං.

      ගේය පද - - මහාචාර්ය සුනිල් ආරියරත්න
      සංගීතය - ආචාර්ය පණ්ඩිත් අමරදේව
      ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

      Delete
  32. 2009 මැයි 18 වෙනිදායින් පස්සේ සියල්ල කණපිට පෙරලුනා.. මැණික් පරයා දේශප්‍රේමී ලේබලය අලවාගත් ගොමරිටි යෙහෙන් වැජබුනු ඒ වකවානුවේ දක්ෂ නිර්භීත හා ඇත්තටම වැඩ පෙන්නපු නිලධාරීන්ට හමුදාව කලකිරවන සිදුවීම් එක පිට එක පෙළ ගැසුනා.. ඉතිහාසයේ නාවික හමුදාපති දූරයට පත්වූ අපකිර්තිමත්ම පුද්ගලයෙකු වූ හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක සමය එහි කුටප්‍රාප්තියයි.

    ReplyDelete
  33. wow......nice buddy...Weldon..oba lasanata liyanna puluwane mama adaei danagaththe

    ReplyDelete
  34. දැන් ඉන්නෙ ඒ ඔෆිස් එකට උඩින් එකේ

    ReplyDelete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. ලියුම්කරු මට වඩා බොහෝ ජ්‍යේෂ්ඨයෙකි.එකතු කරගත් මහා අත්දැකීම් මත තවෙකෙක් ගැන ලියන්නට සුදුස්සෙකි.මා දන්නා කෙහෙම්මලක් නැත.එහෙත් මේ අකුරු පෙළ හිතට මොකක් හෝ බලපෑමක් කොට ලියන්නටම යයි මට වද දෙන නිසාවෙන්ම නුසුදුස්සෙකු වුවද මෙසේ අකුරු අමුණමි.සින්නයියා සර් එහෙම නැත්නම් කොමදෝරු සින්නයියා සර් මට හමුවන්නේ මා නාවික හා සාගරික විද්‍යා පීඨයේ මූලික පුහුණුව ලබන කාලයේ එහි අාඥාපති තුමන් ලෙසිනි.

    ඔබ හා මාද උගත් සේම හදවතේ අැඳී තිබූ "නාවික නිළධාරියාගේ ප්‍රතිරුපය" මා මුලින්ම දුටුවේ අද්මිරාල් කරන්නාගොඩ සහ කොමදෝරු සින්නයියා නිළධාරී තුමන්ලාගෙනි.ඔහු උගත්ය.නමුත් උගත් කමට වඩා එය දැනුවත්කම යැයි මට සිතෙයි.තවද එතුමන් නාවික හමුදාවෙන් බිහිවූ අතළොස්සක් වූ මහා උගතුන්ගෙන් කෙනෙකු යැයි මා අසා අැත්තෙමි. එතුමන් ජීවිත කාලයම ගත කළ නැව් ගැන කතා කිරීමට අවැසි නැත්තේ එ් සම්බන්ධයෙන් එතුමන්ගේ දැනුවත්කම අරුමයක් නොවන නිසාය.නමුත් එතුමන් සරඹ පිටියෙහිදී සරඹ පුහුණු උපදේශකයන්ට වඩා සියල්ල දනියි. නාවිකයාගේ,නිළධාරියාගේ අැඳුම් අායිත්තම් ගැන කියද්දී පුහුණු වන නිළධාරීන් වූ අප එකළ කෙල ගිලින්නටත් බිය විය. කාන්තා නාවිකයෙකුගේ හා නිළධාරිනියකගේ නිළ අැඳුමෙහි skirt එකෙහි fleet එක මැසිය යුතු දුර එකිනෙකට වෙනස් බව මා උගත්තේ එතුමන්ගෙනි. රාජකීය නාවික හමුදාවේ සමහරක් සාම්ප්‍රදායික දේ වාසිය තකා පමණක් පවත්වාගෙන යද්දී අපි අතින් ගිලිහුණු වැදගත් බොහෝ දේ ගැන කම්පා වූ බොහෝ පසු කාලීන අවස්තාවන්හිදී මට මගේ අඥාාපති තුමන් මතක් විය..

    පුහුණුවන නිළධාරිනියන් ලෙස එදා අපෙන් බොහෝ දුර වූ එතුමන් නැවත මට මුණ ගැසෙන්නේ ස්වේච්ජා නාවික හමුදා මුලස්ථාන අාඥාපති තුමන් ලෙසිනි.අංශ භාර නිළධාරීන් අසිපත් නොමැතිව අචාර පෙළපාලියක ගමන් කරද්දී එ් ගැන එතුමන් විමසීය.එසේ වූයේ අසිපත් ලබා ගැනීමේ පරිපාලන අපහසුතාවක් නිසා බව දැනගත් විට එතුමන්ගේ අණ වූයේ අධිකාරි ලත් නිළධාරීන් අසිපත් නොමැතිව පෙළපාලියෙහි ගමන් කළ නොහැකි බවත්, හෙට වන විට සියලු අංශභාර නිළයන්ට අසිපත් තිබිය යුතු බවත් පමණි. නොතිබූ අසිපත් පසු දින කොහෙන් හෝ ලැබුණි. නිළදරියාගේ තැන නිළධාරියාට ලැබුණි. පෟෙරුශය රැකුණි. අංශ පිරික්සුමට එතුමන් පැමිණෙන විට පුහුණුව ලබන කාලයේ මෙන් සියල්ලෝම සලිත වී සිටියේ එතුමන්ගේ මහා පෞරුශයටය.

    ඉදින් අද ඔහු අප නාවික හමුදාධිපති තුමන්ය.පොඩි දරුවෙකුගේ සිතිවිල්ලක් සේ මට මහා සතුටක් දැනෙයි.මන්ද තව බොහෝ කලයක් එ් මහා පෞරුශය නාවික හමුදාව තුළ දැක ගත හැකි වනු අැත.

    තුමනි ඔබට දීර්ඝායු වේවා..දළදා හාමුදුරුවන්ගේ, ජය සිරි මහ බෝ හාමුදුරුවන්ගේ පිහිට,අාරක්ෂාව ලැබේවා..

    ReplyDelete
  38. රියර්අද්මිරාල් සින්නයියා ගැන අවුරුදු දහයකට විතර පස්සේ ඇහුවේ මේ සිද්දියෙන්. බොහොම හොඳ ලිපියක්. මේ දේවල් වලින් කොචර දුරස් වුනාද කියුවොත් එතුමා සේවයෙන් ඉවත්වෙලා හිටිය බවක් වත් මම දැනුවත් නැහැ. බොහොම ඉස්තුතියි ලිපියට.

    ReplyDelete
  39. යකෝ මේව එකතුකරල පොතක් ලියපන්,අවුරුද්දකට එකක් විතර පෝස්ට් එකක් නොදා.

    ReplyDelete
    Replies
    1. කියනදෙයක් අහන මඟුලෙක්ට කියපන්

      Delete